Sunday, October 21, 2012

කොහොමද ඔයාලගේ නෙට්වර්ක් එක Wi-Fi Protected Setup (WPA) හි සිදුරුවලින් බේරී සිටින්නේ...

අද මං නෙට්වර්ක් පැත්තේ අයට ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. මේ දවස්වල Wi-Fi කියන්නේ ගොඩක් අය කතා කරන දෙයක්. දැන් හැම කෙනා ගාවම Wi-Fi support කරන ලැප්ටොප්, ෆෝන් තියෙනවනේ. ඒක නිසා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා. 


Wireless තාක්ෂණයේදී අපිට ගොඩක් වැදගත් වෙන ප්‍රොටෝකොලයක් තමා WPA කියන්නේ. මේකෙන් කරන්නේ ඔබේ Wireless නෙට්වර්ක් එක තුල සැරිසරන දත්ත එන්ක්‍රිප්ට් කරන එක සහ පිටස්තර පුද්ගලයන්ගෙන් ඔබේ නෙට්වර්ක් එක ආරක්ෂා කරන එක. ඒත් මේ ලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ කියන theory එක සනාථ කරමින් මෙම ප්‍රොටොකොලයේත් සිදුරු තියෙනවා. අවශ්‍ය උපකරණ, සොෆ්ට්වෙයාර් තියෙන හැකර් කෙනෙකුට එම සිදුරුවලින් රිංගලා ඔබේ නෙට්වර්ක් එකට ඇතුළු වෙන්න කිසිම අමාරුවක් වෙන් නෑ. එහෙම ඇතුල් වෙලා ඔයාලගේ දත්ත හුවමාරුව හොරෙන් බලන් ඉන්න පුළුවන්,  ඒ වගේම ඔයාලගේ පාස්වර්ඩ් හා ඔන්ලයින් අකවුන්ට් හයිජැක් කරන්න පුළුවන්. ඒක නිසා තමන් අනතුරට ලක් වෙන්න පුළුවන් ක්‍රම ගැන දැනගෙන සිටීම වැදගත් වෙනවා.

දැනට මෙම සිදුර තියෙන්නේ WPS ( Wi-Fi Protected Setup ) හෙවත් වයි ෆයි අලියාන්ස් එකෙන් හදපු විශේෂාංගයක. 2007 සිට නිර්මාණය කෙරුණු ගොඩක්ම wireless රවුටර් වල මෙය ඇතුලත් වෙනවා. එයින් සිදුවන්නේ WPA/WPA2 යන ආරක්‍ෂිත ක්‍රමවේද ස්වයංක්‍රියව ක්‍රියාත්මක කිරීමයි. සාමාන්‍ය භාවිතයේදී ගොඩක් පාවිච්චි කරන්නේ PSK ( Pre-Shared Key ) ආකාරයයි. නමුත් සමහර රවුටර්වල මේ කියන WPS විශේෂාංගය ඇතුලත්ව නෑ. ඒ වගේම සමහර රවුටර් 802.1x (enterprise mode) එකට අදාලව වැඩ කරනවා. ඒ වගේ රවුටර් වලට මේ අවධානම කොහෙත්ම බලපාන්නේ නෑ.


ඔන්න ඔය කියන
දේවල් ටිකක් මම අද ඉන්ටර්නෙට් එකේ දැක්කා. ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතලා දැම්මා. තව විස්තර පසුවට... එහෙනම් ගිහින් එන්නම්....