Saturday, August 3, 2013

SQL Server - Part 1

SQL is commonly called as Simple Query Language. When computer came to be, people started keep tracks of files which called as databases.

Entity - 

Entity is a thing which is a representation of real world object. Each row in a table represents an single entity and column represent attributes of an entity. In an entity you should keep track only on essential attributes to your need. A table holds only one kind of entity.


Primary Key -

Entity which represents a real world item is unique. It should appear on the table once. This uniqueness of an object in real world is created by its' attributes.
            eg :- I saw a red Porche car on Temple road.
                    A policeman gave a parking ticket ADCS235456423.

So to identify the same object different users use different attributes. The attributes to identify the object is chosen according to the purpose.

Scalar Values -

Scalar values are whole numbers we use to count.
eg :- -12,-45,0,3,65,23

Numbers which are used to indicate a point in 2D and 3D are not considered as scalar values. But date can be considered as a scalar value because you can sort date in a way that would give a sense of meaning.

RDBMS (Relational DataBase Management System)

RDBMS is an application running on a server. It maintains access control to database files. To modify,create or delete a database file in RDBMS, we use a text specific language which is passed from client to server through many networking protocols.
If there are two applications trying to access a same file simultaneously then there might be a problem arising. When we have this kind of a situation, RDBMS maintain a traffic cop. The purpose of RDBMS is to protect and serve the data stores.

 

Sunday, October 21, 2012

කොහොමද ඔයාලගේ නෙට්වර්ක් එක Wi-Fi Protected Setup (WPA) හි සිදුරුවලින් බේරී සිටින්නේ...

අද මං නෙට්වර්ක් පැත්තේ අයට ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. මේ දවස්වල Wi-Fi කියන්නේ ගොඩක් අය කතා කරන දෙයක්. දැන් හැම කෙනා ගාවම Wi-Fi support කරන ලැප්ටොප්, ෆෝන් තියෙනවනේ. ඒක නිසා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා. 


Wireless තාක්ෂණයේදී අපිට ගොඩක් වැදගත් වෙන ප්‍රොටෝකොලයක් තමා WPA කියන්නේ. මේකෙන් කරන්නේ ඔබේ Wireless නෙට්වර්ක් එක තුල සැරිසරන දත්ත එන්ක්‍රිප්ට් කරන එක සහ පිටස්තර පුද්ගලයන්ගෙන් ඔබේ නෙට්වර්ක් එක ආරක්ෂා කරන එක. ඒත් මේ ලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ කියන theory එක සනාථ කරමින් මෙම ප්‍රොටොකොලයේත් සිදුරු තියෙනවා. අවශ්‍ය උපකරණ, සොෆ්ට්වෙයාර් තියෙන හැකර් කෙනෙකුට එම සිදුරුවලින් රිංගලා ඔබේ නෙට්වර්ක් එකට ඇතුළු වෙන්න කිසිම අමාරුවක් වෙන් නෑ. එහෙම ඇතුල් වෙලා ඔයාලගේ දත්ත හුවමාරුව හොරෙන් බලන් ඉන්න පුළුවන්,  ඒ වගේම ඔයාලගේ පාස්වර්ඩ් හා ඔන්ලයින් අකවුන්ට් හයිජැක් කරන්න පුළුවන්. ඒක නිසා තමන් අනතුරට ලක් වෙන්න පුළුවන් ක්‍රම ගැන දැනගෙන සිටීම වැදගත් වෙනවා.

දැනට මෙම සිදුර තියෙන්නේ WPS ( Wi-Fi Protected Setup ) හෙවත් වයි ෆයි අලියාන්ස් එකෙන් හදපු විශේෂාංගයක. 2007 සිට නිර්මාණය කෙරුණු ගොඩක්ම wireless රවුටර් වල මෙය ඇතුලත් වෙනවා. එයින් සිදුවන්නේ WPA/WPA2 යන ආරක්‍ෂිත ක්‍රමවේද ස්වයංක්‍රියව ක්‍රියාත්මක කිරීමයි. සාමාන්‍ය භාවිතයේදී ගොඩක් පාවිච්චි කරන්නේ PSK ( Pre-Shared Key ) ආකාරයයි. නමුත් සමහර රවුටර්වල මේ කියන WPS විශේෂාංගය ඇතුලත්ව නෑ. ඒ වගේම සමහර රවුටර් 802.1x (enterprise mode) එකට අදාලව වැඩ කරනවා. ඒ වගේ රවුටර් වලට මේ අවධානම කොහෙත්ම බලපාන්නේ නෑ.


ඔන්න ඔය කියන
දේවල් ටිකක් මම අද ඉන්ටර්නෙට් එකේ දැක්කා. ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතලා දැම්මා. තව විස්තර පසුවට... එහෙනම් ගිහින් එන්නම්....

Wednesday, April 11, 2012

ආදරේ...

ආදරේ කරන්න 
ඔබ ආදරේ නම්
සතුටු වෙන්න
ඒ ආදරේ අවංක නම්
උත්සහා කරන්න
ඒ ආදරේ රැක ගන්න නම්
පවසන්න
ප්‍රශ්න ඇති නම්
ඉල්ලන්න ඔබට
ආදරේ ඕනි නම්
ඉවසන්න
ඒ ආදරේ ලැබෙනකම්...

Tuesday, April 3, 2012

භයානක අනතුර

ඔන්න ඉතින් අලුතෙන් post එකක් දාන්න හිත හිත ඉන්නකොටම අලුත්ම අලුත් මාතෘකාවක් දෙවියෝ මට දුන්නනේ. කියල වැඩක් නෑ මාර topic එක. ඒක තමා නවෝ කොල්ලා පෙරේදා භයානක අනතුරකට මුණ දුන්නනේ. වැඩිය damage නෑ. ඉස්සෙල්ලා කතාව අහල ඉන්නකෝ.


නවෝ කොල්ලාට පෙරේදා හවස පොඩි බඩු වගයක් ගෙන්න ගනේමුල්ලට යන්න කියල Home and Corp. (Pvt) Ltd එකේ ප්‍රධාන සහ දෙවන ප්‍රධාන නිලධාරී මහත්ම මහත්මියන්ගෙන් බලවත් තර්ජන එල්ල උනා. මොනවා කරන්නද, කියන දේ අහන්නත් එපැයි.

Tuesday, March 27, 2012

අපි යවන SMS යන්නේ කොහොමද..

ඔන්න මගේ මුල්ම පොස්ට් එක විදිහට වැදගත් දෙයක් දාන්න හිතුවා. හැමදාමත් පිස්සු කෙලින එකේ ඉස්සෙලාම දාන එකවත් වටිනා එකක් වෙන්න එපැයි.


SMS කියන වචනේ ඇහුවම බඩේ ඉන්න පොඩි එකා පවා දන්නවනේ මොකක්ද කියලා. ඒත් බොහොම පොඩ්ඩ දෙනයි දන්නේ SMS තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒක නිසා මුල ඉදන්ම කියනම්කො.


SMS පණිවිඩ අපිට ජංගම දුරකතනයකින්

Sunday, March 25, 2012

ආයුබෝ වේවා...


ඔන්න ඉතින් හා හා පුරා කියල මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා. ඔය කීවට සැහෙන කලෙක ඉදන් ලියන්න හිටියේ. කොහෙද මගේ ග්‍රහයෝ නීච වෙලාද කොහෙද ලියන්න බැරි උනා. ඒ උනාට මේ බ්ලොගර් එක පටන් අරන් ගොඩක් දවස්. පොස්ට් තමා ලීවේ නැත්තේ. කොහොමෙන් කොහොමෙන් හරි දැන් ඉදන් දිගටම ලියනවා. අනං මනං නැතිව කෙලින්ම වැඩේට බහිමුකො නේද. එහෙනම් මට ජය වේවා...