Wednesday, April 11, 2012

ආදරේ...

ආදරේ කරන්න 
ඔබ ආදරේ නම්
සතුටු වෙන්න
ඒ ආදරේ අවංක නම්
උත්සහා කරන්න
ඒ ආදරේ රැක ගන්න නම්
පවසන්න
ප්‍රශ්න ඇති නම්
ඉල්ලන්න ඔබට
ආදරේ ඕනි නම්
ඉවසන්න
ඒ ආදරේ ලැබෙනකම්...

Tuesday, April 3, 2012

භයානක අනතුර

ඔන්න ඉතින් අලුතෙන් post එකක් දාන්න හිත හිත ඉන්නකොටම අලුත්ම අලුත් මාතෘකාවක් දෙවියෝ මට දුන්නනේ. කියල වැඩක් නෑ මාර topic එක. ඒක තමා නවෝ කොල්ලා පෙරේදා භයානක අනතුරකට මුණ දුන්නනේ. වැඩිය damage නෑ. ඉස්සෙල්ලා කතාව අහල ඉන්නකෝ.


නවෝ කොල්ලාට පෙරේදා හවස පොඩි බඩු වගයක් ගෙන්න ගනේමුල්ලට යන්න කියල Home and Corp. (Pvt) Ltd එකේ ප්‍රධාන සහ දෙවන ප්‍රධාන නිලධාරී මහත්ම මහත්මියන්ගෙන් බලවත් තර්ජන එල්ල උනා. මොනවා කරන්නද, කියන දේ අහන්නත් එපැයි.