Tuesday, April 3, 2012

භයානක අනතුර

ඔන්න ඉතින් අලුතෙන් post එකක් දාන්න හිත හිත ඉන්නකොටම අලුත්ම අලුත් මාතෘකාවක් දෙවියෝ මට දුන්නනේ. කියල වැඩක් නෑ මාර topic එක. ඒක තමා නවෝ කොල්ලා පෙරේදා භයානක අනතුරකට මුණ දුන්නනේ. වැඩිය damage නෑ. ඉස්සෙල්ලා කතාව අහල ඉන්නකෝ.


නවෝ කොල්ලාට පෙරේදා හවස පොඩි බඩු වගයක් ගෙන්න ගනේමුල්ලට යන්න කියල Home and Corp. (Pvt) Ltd එකේ ප්‍රධාන සහ දෙවන ප්‍රධාන නිලධාරී මහත්ම මහත්මියන්ගෙන් බලවත් තර්ජන එල්ල උනා. මොනවා කරන්නද, කියන දේ අහන්නත් එපැයි.
නැත්නම් දන්නවනේ කොම්පැනියේ හැටි. වෙලාව හවස 6.50ට විතර ඇති. දැන් නවෝ කොල්ලත් ලෑස්ති වෙලා වාහනේ එලියට ගත්තා. ඔන්න ආපහු කොම්පැනියෙන් කියනවා තනියම යන්න එපාලු.ඊට පස්සේ අපේ ගෙදර නැවතිලා ඉන්න ලොකු අම්මාගේ පුතත් එක්ක යන්න පිටත් උනා. කෑගල්ලේ ඉදලම යන්නත් එපැයි. එදා සිකුරාදා නිසා අග නගරේ ඉදලා තම තමාගේ කැදලි කරා යන වාහාන පාරේ පිරිලා. ඒ වාහන එයාලා හරියට එලවනවද බලන්න පාර දිගට තැන් තැන්වල පොලිස් මාමලා අයිනට වෙලා දෙන්නා දෙන්නා ටෝච් එකකුත් අරන් බලන් ඉන්නවා. කොල්ලත් ඉතින් හෙමින් හෙමින් යනකොට ඔන්න බොලේ වාහනේ නිකන් පැත්තට යනවා වගේ කොල්ලට දැනුනා. නවත්තල බැලුවා. ඉස්සර රෝදෙක හුලන් අඩුයි. මොනවා කරන්නද,හෙමින් හෙමින් නිට්ටබුවට ඇවිත් ටයර් කඩේකට ගිහින් ටයර් එකේ පැච් එකත් දාගෙන ගනේමුල්ලට ගියා. එතනට ගිහිල්ලත් එසේ මෙසේ කට්ටක් නෙවේ කෑවේ. පැයක් විතර එතන කට්ට කෑවා. ඔහොම කටු පිටින් කටු කළා එතනින් රෑ 10.30 ට විතර එන්න පිටත් උනා. ගනේමුල්ලෙන් ගම්පහට දාලා එතනින් යක්කලට දාලා ඔන්න කොල්ලා කෑගල්ල පැත්තට එනවා. රෑ නිසා පාරේ වාහන ටිකක් අඩුයි. තිහාරිය හරියේ පාර කෙලින් තියෙන තැනක් අහු උනා. කොල්ලත් ඉතින් මෙච්චර හොදට හදල තියෙන පාරේ මොකටද ගාට ගාට යන්නේ කියල හිතල ටිකක් වේගේ වැඩි කරා. පොඩ්ඩ දුරක් යනකොට මෙන්න එක පාරටම පාර හරහා ලොකු තඩි ලොරියක් දැම්මා. සිග්නල් ලියිට්වත් මුකුත් නෑ. අනේ ඉතින් හරිම හෙමින් ආපු නවෝ කොල්ලා බ්‍රේක් පාරක් ගැහුවා කවදාවත් ගහපු නැති විදිහට. ඒත් ඉතින් ඒක මදි වගේ. කොල්ලට දැන් හැම දෙයක්ම හයේ පහරක් ගැහුවම ආපහු ස්ලෝ මෝෂන් පෙන්නනවා වගේ පෙනි ගෙන යනවා. තේරෙනවා අනිවා හැප්පෙනවා කියල. මොනවා කරන්නද, හැප්පුනත් කමක් නෑ කියල කොල්ලට හිතුනා. 


දඩාස්....

වාහනේ හරියටම ලොරියේ ඉස්සරහ රෝදේ වැදුනා. හැබැයි නවෝ කොල්ලටයි අනිත් මල්ලිටයි මුකුත් වෙලා නෑ. එක පාරටම වාහනේට මොකද උනේ කියලා මතක් උනා. හෙමින් වාහනෙන් බැහැල බැලුවා.වාහනේ නම්බර් ප්ලේට් එකයි බෆර් එකයි කැඩිලා. තව උඩ හරියේ, ලොරියේ ටයර් එකක නට් එකක් වැදිලා හිල් වෙලා තිබුනා. දැන් ලොරියේ ඩ්‍රයිවර්කාරයත් බැස්සා. කොල්ලා පොඩ්ඩක් ඌට ඇමතුවා. වටේ මිනිස්සුත් ටිකක් පිරුනා. පාරේ යන වාහනත් බලාගෙන යනවා. කොල්ලට ලැජ්ජාවේ සන්තෝසේ බෑ. මොනවා කරන්නද,වාහනේ එහෙමම තියල ඉන්ෂුරන්ස් එකට කතා කරලා විස්තර ඔක්කොම කීවා. පස්සේ වාහන අයිනට අරන් යන්න කියල හැදුවා. අම්මට සිරි, ගියර් වැටෙන් නෑ. ගහෙන් වැටුන මිනිහට ගොන්නු පන්න පන්න අනිනවා කීවලු. කොල්ල ඉතින් ගෙදරට කෝල් එකක් දීල අප්පච්චිට එන්න කීවා බඩු ටිකයි අපිවයි ගෙනියන්න. ඔන්න ඉතින් ඕක තමා උනේ. කොල්ලා බේරුනේ අනු නවයෙන්. හැබැයි එක දෙයක් නම් කියන්නම ඕන. ලංකාවේ ආසන පටි නිතිය දාපු එක නම් ගොඩක් හොදයි. ඒක දාගෙන හිටපු නිසා තමයි හැප්පුන වෙලාවේ වාහනේ ලොකු ගස්සිමක් ඇති උනත් කොල්ලව ගිහින් ඉස්සරහ වීදුරුවේ වැදුනේ නැත්තේ.  එකෙත් හැටි බලන්නකෝ. ඔන්න ඔහොමයි නවෝ කොල්ලා භයානක අනතුරකට මුණ දුන්නේ. එහෙනම් යන්නම්. ජය වේවා.

No comments:

Post a Comment